Captain Miller
මෙහි ධනුෂ්ට අමතරව ප්‍රියංකා මොහාන්, කන්නඩා සුපර් ස්ටාර් ශිව රාජ් කුමාර්, සන්දීප් කිෂ්ණන්, විනෝද් කිෂ්ණන්, ඉලංගෝ කුමරවේල්, කාලි වෙන්කට්, ජෝන් කොක්කෙන් සහ නිවේධිතා සතීෂ් යන ප්‍රභල නළු නිළි කැලක්ම රංගනයෙන් දායක වනවා. මෙහි අධ්යක්ෂණ කටයුතු සිදු කලේ අරුන් මතේෂ්වර විසිනි. මේ ඔහුගේ තුන් වෙනි චිත්‍රපටය. ඔහුගේ සුපුරුදු ශාරයට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ද සිදු කර තිබෙනවා. මෙහි ඇතුලත් ප්රචණ්ඩත්වය සහ ලේ වැහිරෙන ජවනිකා ස්වාභාවික බව දනවන්නට ඔහු ගොඩක් මහන්සි වෙලා තියෙන බැවු චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පෙනී යයි. ඒ වගේම මේකෙ සංගීත වැඩ කටයුතු කරලා තියෙන්නේ ජී.වී.ප්‍රකාශ් කුමාර් විසිනි. ඔහුගෙයි ධනුෂ්ගෙයි සුසංයෝගය අපි කිහිපවරක්ම දැකලා තියෙනවා. තම සගයාට මෙවරත් සංගීතයෙන් උපරිම සාධාරණයක් කරලා තියෙන වග බැලූ බැල්මට පෙනෙන්න තියේ.
කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්, බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කරගෙන හිටපු 1930 කාලවකවානුව පදනම් කරගෙන සෑදු ප්‍රබන්ධ කතාවක් මේක. තමාගේ ගෞරවය වෙනුවෙන් සිපොයි හමුදාවට බැදෙන ධනුෂ්. එහිදි තමාගෙම ජනතාවට සිදු වන අසාධාරණකම් දැක හිත උණු වෙලා ඒ වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. ඔබ ප්රචණ්ඩත්වය ඇති චිත්‍රපට වලට ආස කෙනෙක් නම්, මෙම චිත්‍රපටයට ඔබ කැමති වෙයි. අරගෙන බලන්නන එහෙනම්. ඉන්දීය රුපියල් කෝටී පනහකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට උපයාගන්නට මෙය සමත්ව තිබේ.